මෙරට පොලිසියට එක්වෙන්න නෙදර්ලන්තයේ සිට ආ කණ්ඩායම (ඡායාරූප)

පොලිස් නිල සුනඛ අංශය සඳහා රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් වටිනා සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ අද (05) අලුයම රැගෙන විත් තිබෙනවා.

මෙම සුනඛයන් අතර බෙල්ජියම් මැලිනොයිස් ( Belgiam Malinois ) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd ) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Spaniel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

මෙම සුනඛයින් නෙදර්ලන්තයේ K- 10 Working Dog නමැති පෞද්ගලික සත්ත්ව ගොවිපළකින් මිලට ගෙන තිබෙනවා.

මෙසේ රැගෙන විත් තිබූ සුනඛයන් අතරින් 21 දෙනෙකු ගැහැණු සතුන් වන අතර ඉතිරි 14 දෙනා පිරිමි සතුන් බවයි අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් අතරින් ඉංග්ලිෂ් ස්පෑනියෙල් වර්ගයේ ගැහැණු සතුන් දෙදෙනෙකු මේ වනවිටත් ගර්භණී තත්ත්වයේ පසු වන අතර තවත් බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ බැල්ලියක එම ගොවිපළේ සිටි ශක්තිමත් බල්ලෙකු හා අභිජනනය කර රැගෙන විත් තිබෙන බව ද වාර්තා වනවා.

මීට පෙර 2018 වසරේ දී ද මේ ආකාරයට පොලිස් නිල සුනඛ කොට්ඨාසය සඳහා සුනඛයන් විදේශයකින් ආනයනය කෙරුණා.

මෙම සුනඛයන් නෙදර්ලන්තයේ සිට කටාර් රාජ්‍යය වෙත ගෙනැවිත්, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් අද අලුයම 02.05 ට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබුණු බවයි වාර්තා වන්නේ.

සුනඛයන් භාර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක,  නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කටුනායක ගුවන් තොටුපොළ සත්ව නිරෝධායන ආයතනය වෙත පැමිණ සිටියා.

මෙම සුනඛයන් ව එම ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව නිරෝධායන ආයතනය වෙත රැගෙන විත්, එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සඳහා එම සුනඛයන්ගේ පුහුණුකරුවන් වෙත භාරදීමට පියවර ගැනුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මෙම සුනඛයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මාස 08 ත් 12 ත් අතර වයස්වල එම සත්ත්වයින් පසුවන බවත්, ඔවුන් මාස 03ක පුහුණුවකින් අනතුරුව ශ්‍රී ලංකාව පුරා පිහිටි පොලිස් නිල සුනඛ ඒකක වෙත අන්තර්ග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවයි.

WhatsApp Image 2024 07 05 at 09.24.15
WhatsApp Image 2024 07 05 at 09.24.13 1
WhatsApp Image 2024 07 05 at 09.24.12
WhatsApp Image 2024 07 05 at 09.24.06
WhatsApp Image 2024 07 05 at 09.24.11
WhatsApp Image 2024 07 05 at 09.24.10 1
WhatsApp Image 2024 07 05 at 09.24.10
WhatsApp Image 2024 07 05 at 09.24.09 1
WhatsApp Image 2024 07 05 at 09.24.09
WhatsApp Image 2024 07 05 at 09.24.08 1
WhatsApp Image 2024 07 05 at 09.24.08


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39