මෙරට පැවැත්වූ විභාගයක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ විභාගයක් සම්බන්ධ ආන්දෝලනාත්මක වාර්තාවක් සති අන්ත පුවත්පතක් විසින් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඒ, 2019 වසරට අදාළ අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයත් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) විභාගය පිළිබඳව යි.

අදාළ වාර්තාවෙන් අනාවරණය කරන්නේ මෙම විභාගය පවත්වා වසර දෙකක් ගතව ඇතත් මෙතෙක් එහි ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි.

වසර දෙකක් තිස්සේ ප්‍රතිඵල නිකුත් නොකිරීමේ සිදුවීමක් මෙලෙස වාර්තා වන්නේ විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට බව යි එහි අවධාරණය කොට ඇත්තේ.

අදාළ විභාගයට මෙරට සිසු සිසුවියන් ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මුහුණ දී ඇති බව සඳහන්.

එම සිසු සිසුවියන්ගේ දෙමාපියන් අදාළ පුවත්පත වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම විභාගය වැරදි තාක්ෂණික උපදෙස් මත ඔන්ලයින් ක්‍රමයෙන් පවත්වන්නට ගොස් බරපතළ තාක්ෂණික දෝෂයක් හටගෙන ඇති බවයි.

එමෙන්ම ඒ හරහා ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්වලින් කොටසක් මැකී අතුරුදන්ව ඇති බවටත් ඒ හේතුවෙන් මෙලෙස ප්‍රතිඵල නිකුත් කරගත නොහැකි වී ඇති බවටත් ඔවුන් චෝදනා නගනවා.

මේ අතර මෙම චෝදනාව පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමක දී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කොට ඇත්තේ තාක්ෂණික දෝෂ කතාව අසත්‍යයක් බව යි.

අදාළ විභාගයේ ප්‍රතිඵල පමාවූයේ කොවිඩ් වසංගතය නිසා බවත්, ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කළ හැකිවෙතැයි තමා අපේක්ෂා කරන නමුත් එය සිදුකරන දිනයක් පැවසිය නොහැකි බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ විභාගයට මුහුණ දුන් සිසු සිසුවියන්ගේ මව්පියන් පවසන්නේ 2019 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට පසුව පැවැත්වූ විභාග රැසක ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කිරීමට කටයුතු කර ඇති බැවින්, එම දෙපාර්තමේන්තුව කොවිඩ් වසංගත තත්ත්වයට මුවා වී සත්‍යය වසන් කරන බවයි. 

මෙම ප්‍රතිඵල පමා කිරීම තවදුරටත් සිදු වුවහොත් ඊට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට තමන් සූදානම්ව සිටින බව යි දෙමාපියන් අවධාරණය කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39