මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට බාධා නොකරන ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහි පෙත්සම විභාගයට

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදුකිරීම වළක්වාලමින් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇති පෙත්සම ලබන ජුනි 12 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

තම ව්‍යාපෘතියට බාධා එල්ලවන බව සඳහන් කරමින්, පෞද්ගලික සමාගමක් විසින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම ඊයේ (03) සලකා බැලුවේ.

පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කේබල් කාර් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සියලු රාජ්‍ය ආයතන අවශ්‍ය අනුමැතිය ලබා දී තිබිය දී ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය එම කටයුතුවලට බාධා සිදුකරන බවට චෝදනා කළා.

ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බව සඳහන් කරමින් විවිධ බාධාවන් පමුණුවන බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කීපදනෙකු අත්අඩංගුවට පවා ගෙන තිබෙන බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා මේ පිළිබඳ පුළුල් මාධ්‍ය ප්‍රචාරයක් ලබාදී තිබූ බවත් සඳහන් කරනවා.

මෙම ඉදිකිරීම් සිදුකරන ප්‍රදේශය සම්පූර්ණයෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ බලයට යටත් වන ප්‍රදේශයක් බවත්, එහි කටයුතුවලට මැදිහත්වීමට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියට කිසිදු බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනවා.

මෙම බාධා කිරීම් හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාල සීමාව තුළ අවසන් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම ව්‍යාපෘතිය සඳහා බාධා කිරීම් හා අනිසි මැදිහත්වීම් සිදුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර, පෙත්සම යළි මේ ජුනි 12 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගම්පොළ ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂි ජයරත්න, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් කර තිබෙනවා.

  1. ඉන්දියාවේ ඉසිගිලි පර්වතය නැරැඹීමට යොදාගෙනතිබූ මෙවැනිම කේබල් කාර් දැන් තහනම් කරල තියෙන්නේ,කඩාගෙන වැට්ල සිදූඋන අනතුරක් හේතුවෙන් බව අපි ඉන්දියාවේ ගියවෙලාවෙ දැණගන්න ලැබුනා.
    එවැනි ව්පතකට නම් මේ අටමගුල් අටවලා අහිංසක ජීව්ත බ්ලිදෙන්න එපා,කොම්පැණි කාරයෝ සල්ලි හම්බකරන් පැනලයයි,නීතිනම් කෙස් පලලා ඉදිරිපත් කරයි.
    ශ්‍රි පාදයටත් ඔය කෙමන අටවන්න,හම්බකරන්න දේශපාලකයෝ කැසකැව්වා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34