මෙරට ධනවත්ම පුද්ගලයා සමාජ මාධ්‍ය කැලඹමින් පුංචි කඩයකින් ආහාර ගත් හැටි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා බේකරියක ආහාර ගනිමින් සිටින ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාල මාධ්‍ය ඔස්සේ සැරිසරමින් පවතිනවා.

අගලවත්ත, කලවාන මාර්ගයේ පිහිටි ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි නම් මෙම  ස්ථානයෙන් ධම්මික පෙරේරා ආහාර ගත් බව සදහන්.

මේ සම්බන්ධයෙන් ගුණවර්ධණ හොටේල් ඇන්ඩ් බේකරි සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් පවසන්නේ, ධම්මික පෙරේරාට සත්කාර දැක්වීමට අවස්ථාවක් ලැබීම ගෞරවයක් බවයි.