මෙරට දී පැවැත්වෙන තරුණ දේශපාලනඥයන් සම්බන්ධ වැඩසටහන ගැන සාකච්ඡා කෙරේ

ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ කාර්යයන් සහ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරුණ දේශපාලනඥයන් සම්බන්ධ වැඩසටහන පිළිබඳ KAS (Konrad Adenauer Stiftung) ආයතනයේ නියෝජිතයන් දෙදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනය කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය වන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මැයි 14 වැනි දින පාර්ලිමේන්තුවේ දී මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.

අමාත්‍යවරිය මෙම සාකච්ඡාව සඳහා මාර්ගගත තාක්ෂණ ඔස්සේ සම්බන්ධ වුණා.

එසේම KAS ආයතනය (Konrad Adenauer Stiftung) නියෝජනය කරමින් එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mortiz Matthias Fink මහතා සහ වැඩසටහන් කළමනාකාර මේඝා ශර්මා මහත්මිය ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී සංසදයේ සභාපතිනිය ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින් පවසා සිටියේ 2023 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුමන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙන් KAS සමග සම්බන්ධවෙමින් කළ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ලැබීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට සුවිශේෂී අවස්ථාවක් බවත් ඒ සඳහා නොමද සහයෝගයක් ලබාදෙමින් කටයුතු කළ KAS ආයතනයට විශේෂ ස්තුතිය මෙම අවස්ථාවේ දි පුද කරන බවත් ය.

එසේම තවදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පවසා සිටියේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 22ක් නියෝජනය කරන බවත්, තමා ද ඇතුළුව ඉන් මන්ත්‍රීවරියන් 20ක් පළමුවරට පාර්ලිමේන්තුව නියෝජනය කරන නවක මන්ත්‍රීවරියන් බවත් පැවසුවා.

මෙි නිසා නව දැනුම හුවමාරු කරගැනීමට ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් සහ KAS ආයතනයෙන් ලැබෙන සහාය අගය කරන බව ද ප්‍රකාශ කළා.

මෙහිදී අදහස් දක්වමින් KAS ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Mortiz Matthias Fink මහතා සඳහන් කළේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත වැඩසටහන වඩාත් සාර්ථක වැඩසටහනක් වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

මෙහිදී KAS ආයතනයේ වැඩසටහන් කළමණාකරු මේඝා ශර්මා මහත්මිය පැවසුවේ නවවැනි පාර්ලිමේන්තුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය
සමග සහයෝගයෙන් කටයුතු කළ ආකාරයෙන්ම දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සමග ද සහයෝගයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබීම අගය කරන බවයි.

මොංගෝලියාවේ පැවැත්වීමට නියමිත ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ වාර්ෂික රැස්වීමේ ඉදිරි වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයට ආරාධනා කිරීමටත් කටයුතු කරන බව මෙහිදී ඇය පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න මෙනවිය රැස්වීමේදී අදහස් දක්වමින් පවසා සිටියේ මෙවර ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ රැස්වීමේ පළමු රැස්වීම සඳහා සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ බවත් එහිදී මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්වූ ප්‍රචණ්ඩත්වය සහ එය අවම කිරීම සඳහා වන උපායමාර්ගික ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවත්ය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) කෞශල්‍යා ආරියරත්න මෙනවිය සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන නීතිඥ සාගරිකා අතාවුද, ඔෂානි උමංගා, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වී, නීතිඥ තුෂාරි ජයසිංහ සහ නීතිඥ හිරුණි විජේසිංහ යන මහත්මීහු ද මාර්ගගත
තාක්ෂණය ඔස්සේ එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13