මෙරට තරුපහේ හෝටලයක් ඉන්දියාව සතුවෙයි

බොහෝ විට හිල්ටන් හෝටලයේ අයිතිය ඉන්දියාව සතුවනු ඇති බවට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ රජය සතු සීමාසහිත Hotel Developers Lanka සමාගම මිලදී ගැනීම සඳහා තෝරගෙන ඇති සමාගම් හතරෙන් තුනක්ම ඉන්දීය සමාගම් වීම නිසාවෙන් බවයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, පසුගියදා මුම්බායි හි පැවති ශ්‍රී ලංකා සංචාරක ජාලකරණ සන්ධ්‍යාවේදීයි.

මෙරට ඇති තරු පහේ ජනප්‍ර්‍රිය හෝටලයක් වන හිල්ටන් හෝටලය ද පාලනය වන්නේ මෙම රජය සතු සමාගම යටතේයි.

එමෙන්ම දැනට රජයේ අයිතිය යටතේ පවතින ග්‍රෑන්ඩ් හයාට් හෝටලය ද විකිණීමේ සැලසුම් අනාවරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා කෙටි ලැයිස්තුගත සමාගම් අතරේත් ඉන්දියානු සමාගම් දෙකක් ම ඇති බවයි.

මෙරට ඉදි කෙරෙන තරු පන්තියේ නව හෝටල ගණනාවක් පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය හරීන් කියා සිටියේ, ආරුගම්බේ රිට්ස් කාල්ටන් හෝටලයක්, නව ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයක්, මෙන්ම ගාළු මුවදොර අයි.ටී.සී හෝටලය ද මෙරට සංචාරක කර්මාන්තයට නව පනක් ගෙන දෙනු ඇති බවටයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර හෝටල් සන්නාම වැඩි ප්‍රමාණයක් දැකගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම කොළඹ වරාය නගරය පමණක්, එහි දැවැන්ත සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය මීළඟ මට්ටමට ඔසවා තැබීමට සූදානමින් සිටීනවා” යනුවෙන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43