මෙරට ගුණාත්මක අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තරයේ අවධානයට ලක් වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි (Commonwealth Of Learning) පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත එහි 41වැනි පාලක මණ්ඩල රැස්වීමට එක් වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; කැනඩාවේ වැන්කුවර්හි පැවති මෙම පාලක මණ්ඩල රැස්වීමේ දී පසුගිය වසරේ ප්‍රගතිය මෙන්ම ඉදිරි වර්ෂයේ අපේක්ෂිත සංවර්ධන කටයුතු පිළිබඳ ව ද සාකච්ඡා වූ බවයි.

‘Commonwealth Of Learning (COL)” යනු කැනඩාව මූලස්ථානය කර ගත් පොදු රාජ්‍ය මණ්ඩලයේ ආයතනයක් වන අතර විවෘත ඉගෙනුම් සහ දුරස්ථ අධ්‍යාපන සම්පත් හා තාක්ෂණයන් සංවර්ධනය කිරිම සහ හුවමාරු කරගැනීම දිරිමත් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය ප්‍රධානීන් විසින් නිර්මාණය කරන ලද ආයතනයක්.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් එම ආයතනයේ පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතවරයා වශයෙන් ද කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ ගුණාත්මක අධ්‍යාපන ප්‍රවේශය වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ අවධානය යොමු කිරීමට ද අමාත්‍යවරයාට මෙම සාකච්ඡාව මගින් හැකි වූ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06