මෙරට කොවිඩ් සම්බන්ධයෙන් භයානක දැනුම්දීමක් – 40%කින් ඉහලට

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය අගෝස්තු 24 වන දින ප්‍රකාශයට පත් කරන ලද සතිපතා වසංගත රෝග විද්‍යා වාර්තාවට අනුව මෙරට කොරෝනා රෝගින් සංඛ්‍යාව 40.3% කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා. එම සතිය තුළ මෙරටින් ආසාදිතයන් 35,032ක් වාර්තා වී තිබුණා. දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් ඉලක්ක කරමින් නිකුත් කර තිබූ මෙම වාර්තාවට අනුව මාලදිවයිනේද නව ආසාදිතයන් වාර්තාවීම 5.2%ක වර්ධනයක් වාර්තා කළ අතර එරටින් වාර්ථා වූ නව ආසාදිතයන් සංඛ්‍යාව 822ක්. නැගෙනහිර ටිමෝර්-ලෙස්තේ රාජ්‍යයෙන් නව ආසාදිතයන් 1651 එම සතිය තුළ වාර්තා වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය එය පෙන්වා දී තිබුණේ 59.4%ක වර්ධනයක් ලෙසින්.

මේ අතර එම සතිය තුළ ඉන්දියාවෙන් වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාව වන 231,658 ක් වාර්තා වුවද එය සාපේක්ෂව 10.3% ක අඩුවීමක් ලෙසයි වාර්තා කර තිබුනේ. එමෙන්ම නව ආසාදිතයන් 142,138 වාර්තා වූ තායිලන්තයේද එම අගය 5.7% කින් අඩු වූ අතර ආසාදිතයන් 125,102 ක් වාර්තා වූ ඉන්දුනීසියාවේ එම අගය 33.6% කින් අඩු වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම වාර්තාවට අනුව කෝවිඩ් වෛරස ව්‍යාප්තියෙන් දැඩි ලෙස බැට කෑ ඉන්දුනීසියාව සහ ඉන්දියාව ගෙවී ගිය සතිය තුළ වෛරස ව්‍යාප්ති පාලනයේ කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. එම සතිය තුළ ඉන්දුනීසියාවෙන් කලාපයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වූ මරණ 8,784 ක් වාර්තා වූවද එය 16%ක අඩුවීමක් ලෙසයි වාර්තා වන්නේ. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉන්දියාවෙන් එම සතිය තුලදී මරණ 3,142ක් වාර්තා වූවද එය ද 6.6% අඩුවීමක්.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිල්ලට ගත් පසුගිය 24 වෙනිදායින් අවසන් වූ සතිය තුල ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාවව 1,327 ක් වන අතර එය 34.7% ක වර්ධනයක් ලෙසටයි මෙම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප හයෙන් සමස්තයක් ලෙස අඩුම කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සටහන් කරනු ලබන්නේ අග්නිදිග ආසියානු කලාපය තුළයි. 

 මෙවන් තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව හරහා පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10