මෙරට කොවිඩ් රතුකට්ට නැවතත් මතුවෙයි

මෙරට කොවිඩ් ව්‍යාප්තිය ලෝකයට සාපේක්‍ෂව අඩු අගයක් ගත්ත ද දෛනික.. ආසාදිතයන්ගේ වැඩිවීම නිසා රතු කට්ට පැනීමේ අනතුරක් ඉදිරියේදී මතුවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප‍්‍රකාශ කළේය.

මීට සති කිහිපයකට ප‍්‍රථම මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 500ක් හෝ ඊට සුළු වැඩිවීමක් වාර්තා වුවත් මේ වන විට එය 800 සීමාව ඉක්මවා තිබීම යම් සැලකියයුතු තත්ත්වයක් වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඊයේ දිනයෙන් අවසන් වූ දින 07ක කාලය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 5,391 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ 87 ක්ද සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 601,048ක් වන අතර ඉන් 575,932ක් සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

කොවිඩ් ආසාදිත මරණ 15,284ක් ද මේ වන විට වාර්තා වී තිබේ.

කොවිඩ් වෛරස රෝගය පිළිබඳව ලෝකය දැන ගත් දා පටන් විවිධ ප‍්‍රභේද සහ කොවිඩ් රැලි විවිධාකාරයෙන් පැමිණියත් ශ‍්‍රී ලංකාව දූපතක් වීම හේතුවෙන් ලෝකයට සාපේක්‍ෂව මෙරට කොවිඩ් වැළඳුණු ජන ගණත්වයක් විශාල ලෙස වාර්තා නොවුණු බව ද කියා සිටියේය.

තත්ත්වය එසේ වුවත් ‘ඔමික්‍රෝන්’ විකෘති කොවිඩ් වෛරස ප‍්‍රභේදය මෙරටට ඇතුළුවීමත් සමඟ යළි යම් අවදානම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින නිසා එය ‘රතු කට්ට්’ පැනීම දක්වා වර්ධනය වීමට ඉඩ ලබා නොදී සිටීමේ වගකීම මෙරට සෞඛ්‍ය අංශවලට මෙන්ම රටේ සෑම පුරවැසියකුටම විශාල වගකීමක් තිබෙන බව ද සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36