මෙරට කොවිඩ් මරණ සීයයට 17කින් ඉහළට : තත්ත්වය අනතුරු දායකයි

රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සහ දැඩි සත්කාර වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිශතය සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තාක්‍ෂණික සේවා අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.

ඔහු පවසන්නේ කොවිඩ් මරණ වාර්තා වීම ද මේ වන විට සියයට 17කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම මේ දින වල වාර්තා වන කොවිඩ් මරණ වලින් සියයට 60ක් පමණ බුස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් පුද්ගලයින් බව වෛද්‍ය අන්වර් හම්දානි මහතා වැඩිදුරටත් සදහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අන්වර් හම්දානි,

“පහුගිය සතියත් එක්ක සංසන්දනාත්මකව ගත්තම අපිට රෝගීන් වාර්තාවීම සියයට විස්සකින් වගේ වැඩි වෙලා තියෙනවා. මේ වෙද්දී මරණ වාර්තා වීම සියයට 17කින් වැඩිවෙලා තියෙනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 12ක විතර වැඩිවීමක් අපි දකිනවා. ඒ සමගම දැඩි සත්කාර ඒකකවල ඉන්න රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 3ක විතර වැඩිවීමක් අපි දකිනවා. මෙවැනි තත්ත්වයක් තුළ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳම කාරණාවල් කිහිපයයි තියෙන්නේ. මේ වෙද්දී අපි පළමු මාත්‍රාව සියයට 95කට විතර දීලා තියෙනවා අවුරුදු 12 ට වැඩි ජනගහණයට. දෙවැනි මාත්‍රාව සියයට 80ක් විතර ලබාදීලා තියෙනවා අවුරුදු 12 ට වැඩි ජනගහණයට. බූස්ටර් මාත්‍රාව සියයට 44ක් දක්වා ප්‍රමාණයකට අපි දීලා තියෙනවා. මේකේ ඉලක්කගත කාරණාව වන්නේ අපට දැන් මරණ යම්කිසි ප්‍රමාණයකට ප්‍රතිශතයක් වශයෙන් ගත්තම වැඩිවීමක් දකිනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ යමිකිසි ප්‍රතිශතයක වැඩිවීමක් දකිනවා. මේ වෙද්දී දැඩි සත්කාර ඒකක කරා යොමුවන රෝගීන්ගේ වැඩිවීමක් අපිට පෙනිලා තියෙනවා. ඉතින් බූස්ටර් මාත්‍රාවෙන් අපිට ඔය කාරණා ටික අඩුකරගැනීමේ හැකියාව තියෙනවා.”

“බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් පිරිසගේ රෝහල්ගතවීම සංඛ්‍යාව සියයට 8ත් 10 ත් අතර තියෙනවා. අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ පිරිසගෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබානොගත් පිරිස සියයට 60ක් විතර තියෙනවා. දවසකට මරණ 30ක් පමණ වාර්තා වෙනවා මේ අවස්ථාවේදී. එයින් සියයට 60ත් 65ත් අතර ප්‍රමාණයක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන නෑ. ඉතින් ඒක හින්ද ඒකෙන්ම පෙනී යනවා ඒකෙත් බොහොම ප්‍රබල කාරණාවක් තියෙනව අනිත් රටවල් එක්කත් සන්සන්දානාත්මකව මේක බලන්න ඕන. මොකද මේක ගෝලීය වසංගතයක්. අපේ රටට විතරක් විශේෂිත වූ වසංගතයක් නෙවෙයි. අනිත් රටවල් වලත් දියුණු රටවල් වලත් ඔවුන් ක්‍රියාත්මක කරගෙන යන ක්‍රමවේදයන්. පිළිවෙලවල් අපි ඒවා අනුගමනය කරලා අධ්‍යයනය කරලා තමයි මේ බූස්ටර් මාත්‍රාව කියන දේ හඳුන්වා දෙන්නේ. මේ බූස්ටර් මාත්‍රාව හඳුන්වාදීමේ ප්‍රධාන පරමාර්ථය තමයි ඔබව රැකගන්න. ඒක හින්දා ඔබ ඉදිරිපත් වෙන්න ඕන ඔබව රැකගන්න. එයින් තමයි, ඔබත් අපත්, සමාජයත් රටත් ආරක්ෂා වෙන්නේ.”

මේ අතර තවත් කොවිඩ් මරණ 30ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ අතර ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ පසුගිය 14 වන දිනට අදාලව එම මරණ සිදුව ඇති බවයි.

එම මරණ අතර අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයින් 08 දෙනෙකු සහ වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් 22 දෙනෙකු සිටී.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,874 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 1252 දෙනෙකු මෙරටින් හදුනාගනු ලැබුවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 630,599 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 595,649 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර තවත් පුද්ගලයින් 19,076 දෙනෙකු ආසාදිත තත්ත්වයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36
Video thumbnail
පක්ෂ - විපක්ෂ මන්ත්‍රීලා නැගිටලා පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපිට එකඟ වෙන්න බෑ
05:50
Video thumbnail
පළාත් සභා ඡන්දය නිසා පාර්ලිමේන්තුව යුද පිටියක් වෙයි..වහාම නතර කරන්න..විපක්ෂය විරුද්ධයි
04:06
Video thumbnail
ඡන්දේ අනිවාර්යෙන්ම තියෙනවා නියමිත විදිහට...
00:09
Video thumbnail
එල්නිනෝවෙන් ලංකාවට සිදුවන බලපෑම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ඉතිහාසයේ වාර්තාවන ප්‍රබලම එල්නිනෝව ?
06:32
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51