මෙරට කොරෝනා රෝගීන් ගැන රතු එළියක්

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්.

COVID-19 අනතුරු ඇඟවීම!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා  රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව  විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවදානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම,  කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.

සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට  නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.

එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53