මෙරට කොරෝනා මරණ 1500ට ආසන්න වෙයි – ඊයේ මරණවලින් 6ක්, නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින්

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 2859ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 183,425 දක්වා ඉහළ ගියා.

ඊයේ (30) වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි 10 දෙනෙකු ද සිටින බව සඳහන්.

එමෙන්ම, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවත් 1441ක් දක්වා ඉහළ ගියේ ඊයේ (30) තවත් මරණ 36ක් වාර්තා වීමත් සමඟයි.

එලෙස වාර්තා වූ මරණ 36න්, 06ක් ම නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මෙම මරණ 36න් මරණ 31කටම කොවිඩ් නියුමෝනියා තත්ත්වය ද හේතුව වී තිබෙනවා.

මේ අතර, තෙවන කොරෝනා රැල්ල ලෙස හැදින් වූ අලුත් අවුරුදු පොකුරේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වන ආසාදිත සංඛ්‍යාව 15,257ක්.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 13,320ක් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 11,604ක්.

මේ වන විට ආසාදිතයින් 31,549 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 49,825ක්.

මේ අතර, සමස්ත හෙද කාර්ය මණ්ඩලය සඳහා කොරෝනා එන්නත ලබාදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද සංකේත වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී. මැදිවත්ත ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06
Video thumbnail
චරිත් අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:17