මෙරට කෘත්‍රිම බුද්ධිය භාවිතයට මෙටා සමාගම සමඟ සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නිව්යෝර්ක්හි මෙටා (Meta) සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපති ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා (Sir Nick Clegg) අතර හමුවක් ඊයේ (19) නිව්යෝර්ක් නුවර දී සිදු වී තිබෙනවා.

අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී ප්‍රකාශ සහ අසත්‍ය ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිළි කරනු ලැබුවා.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින්, බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේදී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී දීර්ඝ වශයෙන් විස්තර කරනු ලැබුවා.

ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමඟ සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වූ වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රිම බුද්ධිය ( AI) භාවිතා කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහැර අස්සේ බස් එකක් අසල සෙට් එකකට ගුටි පූජාවක් - බස් එකේ යන්නෙත් නෑ හු##
02:12
Video thumbnail
අපිට හෙට ගෙදර ගියත් ටී.බී.සරත් තමයි..ඊට වඩා දෙයක් නෑ - සරත් වේදිකාවේ සංවේදී වෙයි
04:27
Video thumbnail
කිඹුලෙක් අව්ව තපිමින් ඉන්න හැටි ? කොහොමද ඉන්න අමුත්තා ?
01:03
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු ? - වෙළඳසැලක මුදල්වලට ෂොට් එක දෙන්න ගිය හැටි
01:59
Video thumbnail
මහ ලොකු හරක්කටා අඬලා කියන්නේ දැන් - පාතාලය මෙහෙයවපු හැටි ඔක්කොම දන්නවා
05:39
Video thumbnail
ටී.බී. සරත් විපක්ෂයට රිදෙන්නම දෙයි - එළියේ ඉන්න බඩුටික වෙව්ල වෙව්ල ඉන්නේ..බඩු හම්බෙනවා දැන්
05:12
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32