මෙරට කාන්තාවක් පැයකට උපයන වැටුප ගැන අනාවරණයක් (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරත වන පුරුෂයෙක් උපයන වැටුපට සාපේක්ෂව සියයට 27කින් අඩු බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ එම පර්යේෂණ වාර්තාවේ දැක්වෙන්නේ එම වෙනස ගෝලීය සාමාන්‍ය අගයටත් වඩා විශාල බවයි.

ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතය පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානය කළ පර්යේෂණයේ වාර්තාව පසුගියදා කොළඹ දී එළිදක්වනු ලැබුවා.

එම වාර්තාවට අනුව සියයට 27ක් වන මෙරට ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයේ ප්‍රතිශතය පහළ මැදි ආදයම් ලබන සෙසු රටවල සාමාන්‍ය අගයට වඩා බෙහෙවින් වැඩි බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙනවා.

එහි ගෝලීය අගය වන සියයට 20 ට වඩා ද ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතය ඉහළයි.

අවධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ රැකියාවේ නියුතු කාන්තාවන් සහ අඩු අධ්‍යාපන සුදුසුකම් සහිත කාන්තාවන් සැලකීමේ දී වැටුප් පරතරය ඉතා ඉහළ බව අදාළ වාර්තාවේ සඳහන්.

එම වාර්තාව වැඩිදුරටත් පවසන්නේ, ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය කෙරහි, රැකියා කාර්යයන් සහ සේවා ස්ථාන ලක්ෂණවල දායක වුව ද, ශ්‍රී ලංකාව තුළ බොහෝ දුරට, පැහැදිලි කළ නොහැකි සහ වෙනස් කොට සැලකීම් හේතුවෙන් එම පරතරය නිර්මාණය වී ඇති බවයි.

මෙරට රැකියා නියුක්ත ජනගහනය මිලියන 8.2ක් වන අතර එහි කාන්තා නියෝජනය මිලියන 2.8ක් පමණක් වීම කැපීපෙනන කරුණක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13