මෙරට ඉතිහාසයේ දිනක වැඩිම කොවිඩ් ආසාදිතයන් ගණනක් අද

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් ට පෙර හඳුනාගත් 3520 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 1075 දෙනෙකු හඳුනාගෙන ඇති බව ඉතා හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු  කොරෝනා ආසාධිතයින් ගණන 4597 දක්වා ගොස් තිබේ.

එමෙන්ම ,

නුගේගොඩ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් 15ක සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 195 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව පොලිස් වාර්තා තහවුරු කරයි. මේ අතර, කොවිඩ් ආසාදිතව බණ්ඩාරවෙල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට ඉකුත් 24 වනදා නිවසට ගිය පුද්ගලයෙක් අද පෙරවරුවේ මරණයට පත්වී තිබුණි.   

මීගහකිවුල, කැටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම පුද්ගලයාට අද (26) පෙරවරුවේ ඇතිවූ ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් ඔහු බදුල්ල මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. 

බණ්ඩාරවෙල කේෂන් වතුයායේ කොවිඩ් ආසාදිත පවුලක් නිරෝධායනයට යොමුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ට පුද්ගලයෙකු, මරණීය තර්ජනය කළ පුවතක් වාර්තා විය. නිරෝධායනයට ලක්වන පවුල්වලට ලබාදෙන ආහාර මල්ල ලබාදීම ප්‍රමාද වූ බවට චෝදනාකරමින් එම පුද්ගලයා දුරකථනයෙන් තර්ජනය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය. 

 බණ්ඩාරවෙල පොලීසිය අද එහි ගොස් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට දික්ඔය මූලික රෝහලට පැමිණි ප්‍රදේශවාසීන්ට එන්නත් ප්‍රමාණවත් නොවීම නිසාද නොසන්සුන් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27