මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ විස්තර

මෙරටින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් 41 දෙනෙකු අද තහවුරු කළා. එම පිරිස  කටුනායක ගුවන් තොටුපොල, මහර සහ මිනුවන්ගොඩ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් ලබාගත් සාම්පල්වලින් හදුනා ගැණුනු බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔමික්‍රොන් ප්‍රභේදයේ නවතම දත්ත අනුව රෝග ලක්‍ෂණ මතුවීමට පෙර යම් පුද්ගලයෙකුගෙන් වෛරසය සීග්‍රයෙන් පැතිරයා හැකි බව තහවුරු කර ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ.