spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරටට පන්නන්න හැදූ බීඩි කොළ තොගයක් සමඟ 4ක් නාවික හමුදා භාරයට (ඡායාරූප)

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,177 කට අධික තොගයක් සහ කෘමි නාශක බෝතල් 150ක් සමඟ සැකකරුවන් 04 ක් සහ ඩිංගි යාත්‍රා දෙකක් පුත්තලම සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද (13) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 42ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනා ගෙන තිබෙනවා.

තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ, කෘමි නාශක බෝතල් සහ සැකකරුවන් සිව් දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා තිබෙනවා.

WhatsApp Image 2024 02 13 at 18.46.27 1
WhatsApp Image 2024 02 13 at 18.46.26 1
WhatsApp Image 2024 02 13 at 18.46.26
WhatsApp Image 2024 02 13 at 18.46.25
WhatsApp Image 2024 02 13 at 18.46.24
WhatsApp Image 2024 02 13 at 18.46.27
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?