මෙම වසර තුළ කිසිඳු ජල ගාස්තු සංශෝධනයක් නොවන බවට සහතිකයක්

මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වන බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා.

අවසන් වරට ජල ගාස්තු සංශෝධනයක් සිදුකරනු ලැබුවේ පසුගිය අගෝස්තු මාසයේ බව ද සිහිපත් කළ අමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

කඳුකර ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් නොවැම්බර් 2 වැනිදා “නාම් 200” (අපි 200) නමින් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබෙනවා. මෙම අවස්ථාවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වීමට නියමිතයි. ඉන්දියාවේ සිටද ආරධිතයින් පිරිසක් මේ සඳහා පැමිණීමට නියමිතයි.

මෙහිදී කඳුකර ජනතාව ජාතියට සිදු කළ මෙහෙවර ඇගයීමට ලක් කෙරෙනවා. ඒ වගේම කඳුකර ප්‍රජාවට ප්‍රතිලාභ සැලසීම අරමුණු කරගනිමින් වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය වැඩසටහන් රාශියක සක්‍රීයව නියැලී සිටිනවා.

පුළුල් පරාසයක පැතිර පවතින ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශය තුළ වතුකරයට විශේෂිත වූ කමිටු හතක් ඇතුළත් ප්‍රඥප්තියක් ද හඳුන්වාදී තිබෙනවා. මෙම කමිටු ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ක්‍රීඩා සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහ ළමුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

අදාළ ප්‍රඥප්තිය මගින් සියලු අමාත්‍යාංශ සඳහා පුළුල් මාර්ගෝපදේශයක් සපයනවා. එමඟින් කඳුකර ප්‍රජාවගේ සුවිශේෂී ගැටළු විසඳීමට සහ ඔවුන් පසුවන වතුකරයේ හුදකලාව බිඳ දමමින් එම ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට නැවත ඒකාබද්ධ කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට ද නියමිතයි.

ඒ වගේම මෙම වසර තුළ ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොකරන බවට මම සහතික වනවා. ඒ අනුව 2023 අගෝස්තු මාසයේ සිදු වූ ජල ගාස්තු සංශෝධනයෙන් පසුව මෙම වසර සඳහා තවදුරටත් ජලගාස්තු වැඩි කිරීමක් සිදු කරන්නේ නැහැ. නමුත් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකු (ADB) සමඟ එක්ව සිදු කරනු ලබන සහයෝගී ප්‍රයත්නයක් ලෙස, ප්‍රතිපත්ති මත පදනම් වූ ජල ගාස්තු සකස් කිරීමක් සඳහා වන පිරිවැය ප්‍රතිසාධන සූත්‍රයක් හඳුන්වාදීම කිරීම කෙරෙහි මේ වනවිට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ වගේම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් යෝජිත ජල ගාස්තු සූත්‍රය පිළිබඳ සමාජය තුළ පැතිර යන කටකතා ද තරයේ ප්‍රතික්ෂේප කරනවා. සැබැවින්ම මෙම ජල ගාස්තු සූත්‍රය හඳුන්වාදීමේ අරමුණ වන්නේ සමාජයේ අවදානමට ලක්විය හැකි, සමෘද්ධි සහ අස්වසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කරන අතරම ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයි.

විශේෂයෙන්ම ජල සම්පාදන මණ්ඩලය විසින් ලබා දී ඇති මිලියන 2.96 ක් පමණ වන ජල සම්බන්ධතා අතරින් වතු අංශය යටතේ ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුවට අයත් ජල සම්බන්ධතා මෙම මිල සූත්‍ර ක්‍රමවේදය යටතට ගැනීමට සූදානමක් නැහැ.

ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව වතු ප්‍රජාව සමඟ පමණක් නොව, සියලුම ග්‍රාමීය ප්‍රදේශවලට ද තම සේවාවන් ව්‍යාප්ත කරමින් 5000ක් පමණ වන ප්‍රජා මූලික සංවිධාන සමඟ සමීපව කටයුතු කරන බැවින් ඔවුන්ට ද මෙම මිල සූත්‍රයෙන් බලපෑමක් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23