මෙම වසරේ මුල් මාස පහට බාලවයස්කාර දැරියන් 32ක් ගැබ් අරන්

පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 05ක කාලසීමාව තුළ දී බාලවයස්කාර දැරියන් ගැබ්ගැනීම ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ එම කාලසීමාව තුළ ලිංගික අතවරවලට ලක් වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් තිස්දෙදෙනෙක් ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවයි.

ජාතික ළමාරක්ෂණ අධිකාරිය මඟින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ, 2023 වර්ෂයේ දී මෙවන් අතවරයන්ට ලක් වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ් ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත්, මේ වන විට ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් වාර්තා වීම ඉතා දරුණු තත්ත්වයක් බවයි.

මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ්ගැනීම් පමණක් වන අතර අඩු වයසෙන් ගැබ්ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බව ද ඔහු පැවසුවා.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා සිසුවියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වන විට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති අතර, පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතර ද දෙමාපියන් සහ දරුවන් අතරද පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාදෙන සිධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමඟ ප්‍රායෝගිකව විෂය කරුණු බෙදාදීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේ දී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක ඇමති ජනපති අනුරත් හමුවෙයි
02:52
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං හමුවෙන්න ගිය විපක්ෂ නායක
00:53
Video thumbnail
කොහොමද බඩු ටික හංගලා තියන තැන
02:13
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:43
Video thumbnail
ෆොන්සේකා දේශපාලනයට එයි කියන බය එදා පාලකයන්ට තිබුණා - අභියෝගයක් වීම නැවැත්වීමට මේක කළේ
06:21
Video thumbnail
සජිත්ට පුදුම ලෙඩක් හැදිලා තියෙන්නේ
06:24
Video thumbnail
නාමල් ඇතුලට ගියොත් තමයි පොහොට්ටුවට ජයවෙන්නේ
11:27
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට - "කෙ#වන්න පටන් ගන්නේ අද..අනුර කුමාරට බුදුම සරණයි"
06:29
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
04:42
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ඇවිත් මුල්ලටවෙලා දුම් පානය කරන සිසුන් - කවුද මේ දුම්වැටි විකුණන්නේ ?
01:30