මෙන්න අද සිට විදුළිය කපන වෙලාව

පවතින අර්බුදය හමුවේ අද (24) රාත්‍රියේදී මෙන්ම හෙට ‍(25) දිනයේදී විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුව ඇති බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එහි කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා ප්‍රකාශ කළේ, අද පස්වරු 05.45 සිට රාත්‍රී 09.30 දක්වා පැයක කාලයක් සහ හෙට දහවල් 01.30 සිට රාත්‍රී 09.30 දක්වා කාණ්ඩ 4 ක් යටතේ පැය 2 ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බවය.

“මේ වනවිට සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා දැවි තෙල් නැතිවීම හේතුවෙන්. ඊට අමතරව බාච් විදුලි බලාගාරය සඳහා තව පැය 7කට වගේ ප්‍රමාණවත් වන පරිදි පමණයි දැවිතෙල් තියෙන්නේ. උතුරු ජනනි විදුලි බලාගාරය සඳහා තව දවස් දෙක හමාරකට පමණ දැවිතෙල් තියෙනවා. තව දවස් තුනහමාරකට විතර තමයි කැලණිතිස්ස විදුලිබලාගාරය සඳහා ඩීසල් ප්‍රමාණවත් වෙන්නේ. මේ විදියට බලද්දි අද රාත්‍රියේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තියෙනවා. ඒ නිසා රාත්‍රි කාලයේ බොහෝ විට පැයක පමණ විදුලි කප්පාදුවක් හවස 5.45 සිට 9.30 වගේ වෙනකල් යන්න බොහෝවිට ඉඩකඩ තියෙනවා. හෙට ඉඳලා දවල් 1.30 සිට රාත්‍රී 9.30 පමණ දක්වා කාණ්ඩ 4ක් යටතේ, පැය 2ක කාලයක්  බොහෝවිට කප්පාදුවක් කරන්න සිද්ධවෙනවා දැවිතෙල් නැතිවීම හේතුවෙන්. නමුත් තව දවස් තුනකින් පස්සේ අපිට ඩීසල් නොලැබුණොත් මේ විදුලි කප්පාදුව පැය 3ක් දක්වා වර්ධනය වෙන්න බොහෝ සෙයින් ඉඩකඩ තියෙනවා.” 

මේ අතර කැලණිතිස්ස බලාගාරයේ මෑතකදී නඩත්තු කර විදුලිබල පද්ධතියට එක් කළ ජනන යන්ත්‍ර දෙකක් කිසියම් පිරිසක් විසින් හිතාමතා අක්‍රීය තත්ත්වයට පත් කර ඇති බව තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ.ජී.යූ නිශාන්ත මහතා පවසයි.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද දිනයේ සිට විදුලි කප්පාදුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අනුමැතිය ලබා ගැනීම සඳහා වන ඉල්ලීම මහජන උපයෝගීතා කොමිශන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
 
පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ.

මේ සඳහා විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වීමට නියමිතය.

මේ අතර විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේ විදුලි උත්පාදන කටයුතුවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට සඳහා අවශ්‍ය මුදල් මහ බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡා කර ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවය. 

“අපි ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තා පෞද්ගලික බලාගාරවලින් විදුලිය ගැනීම සීමා කරන්න. ඒ නිසා අපිට මේ මොහොත වනවිට බලාගාර කිහිපයක පුද්ගලික බලාගාරවල කොන්ත්‍රාත්තුව දික් කරේ නෑ. මොකද ඒ අය අවුරුදු 3 වගේ තමයි කොන්ත්‍රාත්තුව ඉල්ලන්නේ. අපි මාස 3 – 4කට තමයි ඒ අයගෙන් විදුලිය බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ සාකච්ඡාවේ දී මට පේන්නේ වක්‍රයෙන් හැමෝම උදව් කරන්න හදනවා මේ පුද්ගලික අංශයෙන් තාප බලාගාරවලින් විදුලිය ගන්න. එක එක කතාන්දර කිව්වට අවසානයේ එන්නේ තාප බලාගාරවලින් විදුලිය ගන්න කියලා. අපි අවශ්‍ය වුණොත් ඒවායෙන් විදුලිය නොගන්නවා නෙවෙයි.  නමුත් දීර්ඝ කාල ගනුදෙනුවලට තමා යන්න හදන්නේ.”

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පුද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීම සඳහා ඇතැම් පිරිස්වල වැඩි උනන්දුවක් පවතින බව පෙනීයන බවය.

කොළඹ වරායේ පාවෙන විදුලි බලාගාරය සඳහා දැවි තෙල් ප්‍රමාණවත් වන්නේ අද (24) පස්වරු 3.00 දක්වා පමණක් බව වාර්තා වේ.

එමෙන්ම සපුගස්කන්ද බලාගාරය ද මේ වන විට මුළුමනින්ම අක්‍රීය තත්ත්වයේ පවතී.

ඒ අනුව මෙම බලාගාර දෙක අක්‍රීය වීම තුළ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 168ක පමණ විදුලි ධාරිතාවක් අහිමිව යයි. 

එමෙන්ම දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය ද පවතින්නේ අවම මට්ටමකය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26