spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙන්ඩිස් හෙට තරගයට

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ (19) පැවති තුන්වන එක්දින තරගය අතරතුර පාදයේ සුළු ආබාධයකට ලක් වූ කුසල් මෙන්ඩිස් හෙට (21) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

මෙන්ඩිස් ඊයේ (19) පැවති තරගයේ දී ලකුණු 87ක් රැස්කළ අතර එහිදී ඇති වූ ආබාධය හේතුවෙන් පිටියෙන් ඉවත් වීමටයි ඔහුට සිදුවුණේ.

මේ අතර කුසල් මෙන්ඩිස්ගේ බිරිඳ ඊයේ ඔවුන්ගේ පළමු දරුවා බිහි කළා.

එමෙන්ම හෙට තරගයේදීත් නිරෝෂන් දික්වැල්ල ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙර තරගවලදී පැතුම් නිස්සංක සමඟ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක අබාධයකට ලක්වීම හේතුවෙන් ඊයේ තරගයේ දී කණ්ඩායමට එක්වීමට නිරෝෂන් දික්වැල්ලට අවස්ථාව හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?