මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය ගැන කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට උපදෙස්

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කුලුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ කැබිනට් මණ්ඩලයේ කඩිනම් අවධානය යොමු කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබෙනවා.

කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25ක් සංවර්ධනය කරමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වෙත ආයෝජනය සිදු කිරීමට යෝජිත සමාගම විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර් 41ක දුරක් කුළුණු මත ඉදිවෙන මාර්ගයක් ඔස්සේ මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය සිදු කිරීමටයි යෝජනා කර ඇත්තේ.

එහිදී ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදල් වැයකිරීමකින් තොරව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම විසින්ම ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඊට සමගාමීව තෝරාගත් දුම්රිය ස්ථාන 5ක් දුම්රිය ස්ථාන ආශිත නගර ලෙස ලෙස නවීකරණය කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වනවා.‍

රජයේ කිසිදු පිරිවැයකින් තොරව සිදුකෙරෙන ඉතාමත් වාසිදායක මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ඒ පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු යොමුකර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමටත් ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගැනීමටත් අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26