මෙට්ට කර්මාන්තශාලාවක සේවකයෙකුට අතක් අහිමිවෙයි

කළුතර, පැල්පොල ප්‍රදේශයේ රබර් මෙට්ට කර්මාන්තශාලාවක ‍යන්ත්‍රයකට අත සිරවූ තරුණයෙක් බරපතළ තුවාල ලබා අද (05) දහවල් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්පාත, යටවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණක් බවයි පොලිසිය පැවසුවේ.

නිෂ්පාදන කටයුතු කරමින් සිටිද්දී ඔහුගේ දකුණු අත එක්වරම යන්ත්‍රය තුළට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් දකුණු අත වැලිමිටට ඉහළ කොටසින් වෙන්ව යන්ත්‍රය තුළට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තත්ත්වයෙන් සිටි තරුණයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14