spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙට්ට කර්මාන්තශාලාවක සේවකයෙකුට අතක් අහිමිවෙයි

කළුතර, පැල්පොල ප්‍රදේශයේ රබර් මෙට්ට කර්මාන්තශාලාවක ‍යන්ත්‍රයකට අත සිරවූ තරුණයෙක් බරපතළ තුවාල ලබා අද (05) දහවල් රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්පාත, යටවර ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණක් බවයි පොලිසිය පැවසුවේ.

නිෂ්පාදන කටයුතු කරමින් සිටිද්දී ඔහුගේ දකුණු අත එක්වරම යන්ත්‍රය තුළට ඇදී ගොස් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරෙන් දකුණු අත වැලිමිටට ඉහළ කොටසින් වෙන්ව යන්ත්‍රය තුළට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බරපතළ තත්ත්වයෙන් සිටි තරුණයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
13
+1
6
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?