මෙක්සිකානු ප්‍රේක්ෂකයින් නිසා සැප පහසු නින්දක් නැතිවෙතයි බියෙන් එංගලන්තයෙන් ආරක්ෂිත පියවරක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය බදාදා පැවති තරගය සම සත්කාරක මෙක්සිකෝවට එරෙහි පරාජය වන්නට
ඉක්වදෝරයට සිදු වුණා.

ඒ, අනුව ඉක්වදෝරයට මෙවර පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදු වූ අතර, මේ සමඟ ඉක්වදෝරය ලෝක කුසලාන සංවිධායකයින්ට පැමිණිල්ලක් ද සිදුකරනු ලැබුවා.

ඒ, තරගයට පෙර දින රාත්‍රියේ මෙක්සිකානු ප්‍රේක්ෂකයින් තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට හිරහැර වන සේ හැසිරුණු බවයි.

ඉක්වදෝර කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයට පිටතින් මෙක්සිකානු රසිකයින් ඝෝෂාකාරී ලෙස හැසිරී ක්‍රීඩකයින්ගේ නින්දට බාධා කළ බවටයි පැමිණිලි කර ඇත්තේ.

මෙක්සිකානු රසිකයින් විසින් නලා, ශබ්ද විකාශන යන්ත්‍ර සහ අධික ශබ්දය සහිත යතුරුපැදි භාවිත කරමින් ක්‍රීඩකයින්ගෙන් නින්දට බාධා කර තිබෙනවා.

මේ අතර ඇති වූ මෙම සිදුවීමත් සමඟ මෙක්සිකෝවට එරෙහිව මීළඟ තරගට එක්වන එංගලන්ත කණ්ඩායම ද ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලෝක කුසලාන 16 දෙනාගේ වටයේ ඇස්ටෙකා ක්‍රීඩාංගනයේ දී හෙට (15) මුහුණදෙන තරගයට පෙර එංගලන්තය ඔවුන්ගේ මෙක්සිකෝ සිටි හෝටලයේ රැඳීසිටීම රහසක් ලෙස තබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එංගලන්ත ක්‍රීඩකයින්ට හෙට තරගයට පෙර හොඳ රාත්‍රී නින්දක් සහතික කිරීම සඳහා කන් ප්ලග්, නින්දේදී දෑස් ආවරණය කරන පටි සහ අවධානය වෙනතකට යොමු කරන පසුබිම් ශබ්ද ආවරණය කරන යන්ත්‍ර ලබාදී ඇති බව ද වාර්තා වනවා.

  1. ඔච්චර වද විඳින්න ඕනෙ නෑනෙ. හොඳ වොඩ්ක පාරක් හරි විස්කි පාරක් හරි දුන්න නම් කට්ටිය සැපට නිදා ගනියි එළිවෙනකම්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12