මුළු ලංකාවටම ඉදිරි සති 02කේ දෙන්න යන දේ මෙන්න…ජනපති ගෙන් වහාම තීරණයක්

මෙරට සියලු පවුල් ඒකකවලට ආයුර්වේද ප්‍රතිශක්තිකරණ ඖෂධ මංජුසාවක් ලබාදීමේ ජනපති තීරණයට අනුව, ඉදිරි සති දෙක තුළ දී එහි පළමු පියවර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභයගුණවර්ධන පවසනවා.

මෙම ඖෂධ මංජුසාවේ ප්‍රතිශක්තිකරණ ඖෂධ වන සුව ධරනී ඇතුළු ඖෂධ වර්ග, ඉඟුරු කොත්තමල්ලි පානය චූර්ණයක් ලෙස ලබාදෙන කසායක්, හා පෝෂණීය ආහාරයක් අන්තර්ගත වෙනවා.

රුපියල් දහසක් පමන වටිනා මෙම ඖෂධ මංජුසාව සම්පූර්ණයෙන්ම නොමිලේ බෙදාහැරීම සඳහායි කටයුතු සූදානම් කර ඇත්තේ. ලංකාවෙ සිටින සියලු ම පවුල් ඒකක සඳහා මෙය ලබා දීමට සැලසුම් කර ඇති අතර පවුල් ලක්ෂ 25ක් වෙත පළමුවෙනි අදියරයේ දී මෙය ලබා දෙනු ඇති.

පවුලක සංඛ්‍යාව හතර දෙනෙක් යන ගණනය කිරීම් මත මෙම මංජුසාවේ සති දෙකකට අවශ්‍ය ඖෂධ අන්තර්ගත කර තිබෙන බවයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අභයගුණවර්ධන පවසන්නේ.

කොරෝනා රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධ වර්ග යැ යි කියමින් ඇතැමුන් පැණි, ගුලි, චූර්ණ ආදී විවිධ ආයුර්වේද ඖෂධ වර්ග සමාජ මාධ්‍ය හරහා අලෙවි කිරීමට ක්‍රියා කිරීම තුළින් මෙරට මහජනතාවට දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ව යම්කිසි කුකුසක් ඇති වූ බව ආයුර්වේද කොමසාරිස්වරයා පවසා සිටියා.

නමුත් රජයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් නිර්දේශ කොට නිෂ්පාදනය කරනු ලබන ප්‍රතිශක්තිකරණ ඖෂධ භාවිතය සඳහා කිසිසේත් බිය විය යුතු නැති බවට යි ඔහු අවධාරණය කරන්නේ.

මෙම ඖෂධ මංජුසාවේ ඇති සියලු ඖෂධ, රජයේ ආයුර්වේද වෛද්‍ය මණ්ඩල සූත්‍ර කමිටුවේ නිර්දේශයට අනුව නිෂ්පාදනය කළ ඒවා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

දේශීය වෛද්‍ය ක්‍රමය අනුව ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගයට නො ව රෝගියාට බවත් දිවයින පුරා විසිර සිටින ආයුර්වේද ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීන්ගෙන් හා ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වෘත්තිකයන්ගෙන් හැර කිසිම සුදුසුකමක් නැති අයගෙන් උපදෙස් ලබා නො ගන්නා ලෙසටත් ඔහු අවධාරණය කරනවා.

එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වී නිවෙස්ගත ව ප්‍රතිකාර ලබාගන්නා අයට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ සුව ධරණී උපදේශන සේවාව ද ලබා දෙන බව ඔහු පවසා සිටියා.

  1. දේශීය දේට මුල්තැන දෙන වර්තමාන රජයට කරෝන වලට මර්දනයට හොදම ප්‍රතිකාර අපසතුව ඇතිබව ප්‍රමාදවී හෝ අවබෝධය ලැබීම පිළිබඳව සතුටට පත්වනව. මෙතෙක් අප කරගත් හානිය පිළිබඳව අවධානය යොමුවිය යුතුය. වැක්සීන්වලට මුදල් වැඩකිරීම. නැතිවන ජීවිත. රට හුදකලාකිරීම නිසා පාඩුව. විසදුම උගත්කම බුද්ධිය ගුණගරුක, නීතිගරුක සදාචාරාත්මක උදවියට නාමයෝජනා දුන්නදාට රට ජාතිය ආගම ජතනාව අලුත් ජීවිතයක් ලැබෙන බව ස්ථිරයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04