spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුළුතැන්ගේ තුළ එල්ලී පාසල් සිසුවියක් දිවි නසාගෙන (වීඩියෝ)

නිවසේ මුළුතැන්ගේ තුළ ගෙළ වැළලාගෙන 10 වන වසරේ පාසල් සිසුවියක් සියදිවි හානිකර ගත් පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ එස්. ප්‍රියදර්ශනී නැමැති 15 හැවිරිදි වියේ පසු වූ සිසුවියක්.

මැය සිය වැඩිමහල් සොහොයුරිය සමඟ ඇති කරගත් බහින් බස් වීමකින් පසු උරණ වී මෙලෙස ගෙළ වැළලාගෙන සියදිව
හානි කරගන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සියදිවි හානිකරගත් සිසුවියගේ පියා කලකට පෙර ඔවුන්ව හැර ගොස් ඇති අතර, මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතවන බවයි වාර්තා වන්නේ.

සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් මෙම පවුල රැක බලාගනු ලබන්නේ මියගිය සිසුවියගේ වැඩිමහල් සහෝදරිය බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

https://youtu.be/coR6uBPqXo4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
2
+1
4
+1
21
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?