spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ නාන්න ගිය කුඩා දරුවෙක් ජිවිතක්ෂයට

යාපනය, වඩමාරච්චි මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු 6ක දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ ජීවිතක්ෂයට පත් දරුවා ලන්ඩන් නුවර පදිංචිකරුවකු වන අතර ඔහු දෙමව්පියන් සමග ඥාතියකුගේ අවමංගල්‍යයක් සඳහා සුගියදා මෙරටට පැමිණ ඇති බවයි.

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතර කර අවමංගල්‍යයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

දරුවා සිටි ඥාති නිවස මුහුදආසන්නයේ ම පිහිටා ඇති අතර ඔහු කිසිවෙකුට නොදන්වා දියනෑම සඳහා ඔහු තනිවම මුහුදට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුහුදේ ඇති රළු ස්වභාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන මරදන්කේණි රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බව සඳහන්.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන මරදන්කේණි පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
13
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?