මුහුදේ නාන්න ගිය කුඩා දරුවෙක් ජිවිතක්ෂයට

යාපනය, වඩමාරච්චි මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු 6ක දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසූවේ ජීවිතක්ෂයට පත් දරුවා ලන්ඩන් නුවර පදිංචිකරුවකු වන අතර ඔහු දෙමව්පියන් සමග ඥාතියකුගේ අවමංගල්‍යයක් සඳහා සුගියදා මෙරටට පැමිණ ඇති බවයි.

මව සහ පියා දරුවා ඥාතියකුගේ නිවසෙහි නතර කර අවමංගල්‍යයට සහභාගී වීම සඳහා පිටත්ව ගොස් ඇති අවස්ථාවේ මෙම අනතුර සිදුවී තිබෙනවා.

දරුවා සිටි ඥාති නිවස මුහුදආසන්නයේ ම පිහිටා ඇති අතර ඔහු කිසිවෙකුට නොදන්වා දියනෑම සඳහා ඔහු තනිවම මුහුදට ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මුහුදේ ඇති රළු ස්වභාවය හේතුවෙන් දරුවා මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් මැදිහත්ව දරුවා බේරාගෙන මරදන්කේණි රෝහල වෙත ඇතුළත් කිරීමේදී මියගොස් සිට ඇති බව සඳහන්.

මියගිය දරුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේදුරුතුඩුව රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන මරදන්කේණි පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට
01:51
Video thumbnail
අදත් කුණු ටිකක් අතේ මාට්ටු..අනේ අදට සමාව දෙන්න කියන්නකෝ සර්..
01:43
Video thumbnail
NSBM දස වසරක ගමනේ රටේ ආර්ථිකයට රු.බිලියන 115.5කට අධික දායකත්වයක්
01:34
Video thumbnail
විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ගාස්තුව සිසුන්ට දරාගන්න බෑ - UGC එකට පැමිණිල්ලක්
05:28
Video thumbnail
දිවුලපිටිය කුණු කන්ද සුද්ද කරලා තියෙන්නේ බාගෙට..ඇතුලේ කුණු එහෙම්මයි..රවට්ටන්න විතරක් කරන්න එපා
01:55
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
02:27
Video thumbnail
බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීම ලබන 24 වැනිදා සිට - ජලාශයට බහින්න එපා - අනතුරුදායකයි
06:51
Video thumbnail
ත්‍රස්ත කඳවුරක් ඇති බවට කියු ස්ථානයේ වීඩියෝ එළියට - ගාර්මට් එකක් තියෙන්නේ - මිනිස්සු වැඩ කරනවා ?
08:51
Video thumbnail
ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වරට පවත්වන දැවැන්ත පාපැදි සවාරිය - තරඟය අවසන් සෑම කෙනෙක්ටම තෑග්ගක්
05:27
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
07:48:57