මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට – තවත් අයෙක් අතුරුදන්

හබරාදුව දළවැල්ල මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අද (04) පස්වරුවේ දියේ ගිලී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

දිය නෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු අතරින් තවත් අයෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇති බවයි හබරාදුව පොලිසිය සඳහන් කළේ. එක් තරුණයෙකු දිවි බේරා ගෙන තිබෙනවා.

ඔවුන් අද දිය නෑම සඳහා දළවැල්ල මුහුදට ගොස් ඇති අතර පළමුව තරුණයන් දෙදෙනකු දියට බැස ඇතැයි සඳහන්.

එහිදී ඔවුන් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. එම අවස්ථාවේ අනෙක් තරුණයා ඔවුන් බේරා ගැනීමට ගොස් ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් දෙදෙනෙකු බේරාගෙන ගොඩට රැගෙන විත් තිබෙනවා.

එහිදී එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර අනෙක් තරුණයා දිවි බේරාගෙන ඇතැයි සඳහන්.

මියගිය තරුණයා වලහන්දුව ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්. අතුරුදන් තරුණයා අක්මීමන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියෙහි පසුවන අයකු බව ද පොලිසිය ප්‍රකාශ කළා.

අතුරුදහන් තරුණයා සොයා පොලිසිය සහ ප්‍රදේශවාසීන් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගිය තරුණයාගේ අයගේ මෘත ශරීරය කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14