spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ දිය නෑමට ගිය අයෙකු රළ පහරට හසුවී අතුරුදන් වෙයි

ගාල්ල කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටි පුද්ගලයෙකු රළ පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.

අද (30) සවස දිය නාමින් සිටියදී යි ඔහු මෙම අනතුරට ලක්වී ඇත්තේ.

රළ පහරට හසු වූ තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

ඇඹිලිපිටියේ සිට පැමිණි පිරිසක් කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදී ඔවුන් මෙලෙස රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා දෙදෙනකු බේරාගෙන ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අතුරුදහන්වු පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාවට දැනුම් දී ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාතත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
1
+1
2
+1
27
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?