මුහුදේ දිය නෑමට ගිය අයෙකු රළ පහරට හසුවී අතුරුදන් වෙයි

ගාල්ල කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටි පුද්ගලයෙකු රළ පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.

අද (30) සවස දිය නාමින් සිටියදී යි ඔහු මෙම අනතුරට ලක්වී ඇත්තේ.

රළ පහරට හසු වූ තවත් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්.

ඇඹිලිපිටියේ සිට පැමිණි පිරිසක් කොග්ගල පාලම අසල මුහුදේ නාමින් සිටියදී ඔවුන් මෙලෙස රළ පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.

පසුව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා දෙදෙනකු බේරාගෙන ගිලන් රථයකින් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අතුරුදහන්වු පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාවට දැනුම් දී ඇති අතර පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාතත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18