මුහුදේ දිය නෑමට ගිය අයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්

දික්වැල්ල කුඩාවැල්ල මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් අයෙකු අතුරුදන් වී ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරු 2.30ට පමණ මුහුදේ දිය නෑමට ගිය 5 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතරින් දෙදෙනෙකු මෙම අනතුරට ලක්වී ඇති අතර තවත් අයෙක් දිවි බේරාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. අතුරුදන් වූ පුද්ගලයා කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් බව සඳහන්.

මොවුන් පස්දෙනා කඹුරුපිටියේ හෝටලයක සේවය කරන අතර අද දහවල් ත්‍රීරෝද රථයකින් කුඩාවැල්ලට පැමිණ තිබූ බව සඳහන්.

එලෙස පැමිණි 5 දෙනාගෙන් තුන් දෙනෙකු මුහුදේ දියනෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18