spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ දිය නෑමට ගිය අයෙක් මරුට – තවත් අයෙක් අතුරුදන්

දික්වැල්ල කුඩාවැල්ල මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තවත් අයෙකු අතුරුදන් වී ඇති අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

අද පස්වරු 2.30ට පමණ මුහුදේ දිය නෑමට ගිය 5 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතරින් දෙදෙනෙකු මෙම අනතුරට ලක්වී ඇති අතර තවත් අයෙක් දිවි බේරාගෙන තිබෙනවා.

මියගොස් ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. අතුරුදන් වූ පුද්ගලයා කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් බව සඳහන්.

මොවුන් පස්දෙනා කඹුරුපිටියේ හෝටලයක සේවය කරන අතර අද දහවල් ත්‍රීරෝද රථයකින් කුඩාවැල්ලට පැමිණ තිබූ බව සඳහන්.

එලෙස පැමිණි 5 දෙනාගෙන් තුන් දෙනෙකු මුහුදේ දියනෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?