spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු මාර්ගයෙන් ගෙනා මත්කරල් 53,000 ක් STF දැලේ

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද නීති විරෝධී Prgabalin 150mg වර්ගයේ මත්කරල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ඉලුප්පුකඩවායී කඳවුරේ නිලධාරීන්ට බුවනෙක නාවික හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (28) දින ඉලුප්පුකඩවායීපොලිස් වසමේ මුන්රාම්පිඩ්ඩි කලපු ප්‍රදේශය අසල දී මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

එහි දී නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද Prgabalin 150mg වර්ගයේ මත්කරල් 53,000 ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඉලුප්පුකඩවායී පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

image 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?