spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමක්

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් හා පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි සහ සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම එම ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා.

අද රාත්‍රී 9 වන විට දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලදී ද සක්‍රියව පවතිනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?