මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමක්

කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් හා පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි සහ සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම එම ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70ක් 80ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතිනවා.

අද රාත්‍රී 9 වන විට දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ වර්ධනය වූ ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක ප්‍රජාව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසටයි දැනුම් දෙන්නේ.

එමෙන්ම මෙම ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය ඉදිරි පැය කිහිපය තුලදී ද සක්‍රියව පවතිනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14