මුහුදු ගිය ධීවරයෙක් ආ ගිය අතක් නෑ

යාපනය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්ව ඇති බව කයිට්ස් පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ 74 හැවිරිදි කරෛනගර් හි පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයා පෙරේදා (17) දිනයේ දී ධීවර රැකියාව සඳහා නිවසින් පිටව ගිය බවත්, මේ වන තෙක් ඔහු පිළිබඳ ව කිසිදු තොරතුරක් නොමැති බවයි ඥාතීන් පොලිසියට දන්වා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට (19) පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.