මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ලොරෙන්සෝ පුතා ගැන දැනුම්දීමක්

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහරගනු ලැබූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසට බහරේනයේ ඒකාබද්ධ සමුද්‍රිය බලකායට දැනුම්දී තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ පැහැර ගැනීමට ලක්වූ ධීවරයන් බේරා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සමඟ ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අරාබි මුහුදේ දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි ධීවර දෙපාර්තමේන්තුව ඊයේ (27) සඳහන් කළේ.

මෙම බහුදින යාත්‍රාව පසුගිය ජනවාරි 12 වනදා හලාවත දික්ඕවිට වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබු අතර අරාබි මුහුදේ දී මෙම යාත්‍රාව පැහැරගැනීමට ලක්වී තිබෙනවා.

මෙරට මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 1160ක් දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී යාත්‍රාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි සඳහන්.

ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ඊයේ රැකියාවේ නිරත වෙමින් සිටියදී තවත් යාත්‍රාවක් ඒ පසුපස ලුහුබැඳ ඇති අතර එම අවස්ථාවේ ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලය සිතා ඇත්තේ එය වෙරළාරක්ෂක යාත්‍රාවක් බවයි.

එම නාඳුනන යාත්‍රාවෙන් ආයුධ සන්නද්ධ දෙදෙනකු ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාවට නැග ඇති බව සඳහන්.

අනතුරුව එම පුද්ගලයන් දෙදෙනා අහසට වෙඩි තබමින් කාර්ය මණ්ඩලය සහ යාත්‍රාව ඔවුන්ගේ බාරයට ගෙන ඇති අතර මෙම ලුහුබැඳීම සිදුවන අවස්ථාවේදී අසළ තිබූ අනෙක් යාත්‍රා ඉවත් වී ඇති බව හෙළිවී තිබෙනවා.

නාඳුනන යාත්‍රාවෙන් පැමිණි පුද්ගලයන් ලොරෙන්සෝ පුතා 4 නෞකාවේ සන්නිවේදන උපකරණ ක්‍රියා විරහිත කර සිය යාත්‍රාව පිටුපස රැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම කණ්ඩායම ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව රැගෙන යන්නේ කුමන ස්ථානයට ද යන්න හෝ එම සන්නද්ධ කණ්ඩායමේ ඉල්ලීම් සම්බන්ධයෙන් මෙතෙක් හෙළිවී නොමැති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඊට හේතුව එම සන්නද්ධ කණ්ඩායම මෙම පැහැර ගැනීම පිළිබඳව මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොතිබීමයි.

ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව අඩි 50ක දිගකින් යුත් එකක් වන අතර මෙය එම යාත්‍රාවේ මංගල ගමන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

ධීවර යාත්‍රාව බේරා ගැනීමට විදේශ කටයුතු අමාත්‍යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කටයුතු කරන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10