මුහුදු කූඩැල්ලන් තොගයක් සමග 6ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 03ක් සමග සැකකරුවන් 6 දෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රී සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් යොදවා, කල්පිටිය උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා 3ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර 71ක අසුරන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ 2032ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 3ක් සමඟ සැකකරුවන් 6දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

සැකකරුවන් අවුරුදු 21 ත් 43 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ තලවිල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. ඔවුන් 6 දෙනා, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීම තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14