spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුහුදු කූඩැල්ලන් තොගයක් සමග 6ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000කට අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 03ක් සමග සැකකරුවන් 6 දෙනෙකු කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව කල්පිටිය, උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (08) රාත්‍රී සිදු කළ සෝදිසි මෙහෙයුමක් මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශේෂ යාත්‍රා බලඝණ කණ්ඩායමක් යොදවා, කල්පිටිය උච්චමුනෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ ඔස්සේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා 3ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල උර 71ක අසුරන ලද මුහුදු කූඩැල්ලන් කිලෝ 2032ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රා 3ක් සමඟ සැකකරුවන් 6දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

සැකකරුවන් අවුරුදු 21 ත් 43 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ තලවිල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවටයි හඳුනාගෙන ඇත්තේ. ඔවුන් 6 දෙනා, ඩිංගි යාත්‍රා සහ මුහුදු කූඩැල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීම තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?