මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් දින තුනක් අවලංගුයි

අද (29),හෙට (30) සහ අනිද්දා (31) දිනවල මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව හා වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර තනි මාර්ගයේ ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ කොළඹ මහ නගර සභාව විසින් බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව, දුම්රිය ගමන් වාර කිහිපයක් එම දිනවල අවලංගු කිරීමට කටයුතු යොදා ඇති අතර ඇතැම් දුම්රිය ප්‍රමාදවීම්වලට ද ලක් වීමට සිදුවෙයි.