මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

කළුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (19) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

අදාළ දුම්රිය දකුණු කළුතර දුම්රිය ස්ථානයේ දී මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.