මුහුණු ආවරණ වලින් කොවිඩ් පැතිරීමේ අවධානමක්

කොවිඩ් 19 වසංගතයෙන් බේරීම සඳහා භාවිතා කරනු ලබන මුහුණු ආවරණ නිසා කොවිඩ් වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව පරිසරවේදිනියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය අනතුරු අඟවයි. පෞද්ගලිකව මෙන්ම රෝහල්වල භාවිතා කරනු ලබන මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් සහ අත් ආවරණ විනාශ කිරීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින් පාවිච්චි කරන ලද මුහුණු ආවරණ පරිසරයට මුදා හැරීම නිසා කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බව ඇය පවසයි.නිවාස වලින් ඉවත දමන මුහුණු ආවරණ පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළට යටතේ රැගෙන යන අතර එම නිසා අපද්‍රව්‍ය කළමනාකරණ සේවකයින් ද කොවිඩ් වෛරසයට ගොදුරු වන බව ඇය සඳහන් කරයි.

පාවිච්චි කරන ලද මුහුණු ආවරණ ඉවත දැමීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේද තුනක් පිළිබඳව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සඳහන් කර තිබේ.ඒවා නම්,

1. මුහුණු ආවරණ පුළුස්සා දැමීම.

2. ඉවත දැමීමට පෙර විෂබීජ නාශකයකින් පිරිසුදු කිරීම.

3. ඉවත දැමීමට පෙර උණුසුම් ජලයෙන් තැම්බීම.

මේවා අතරින් වඩාත් යහපත් ක්‍රමවේදය වන්නේ පාවිච්චි කර ඉවත ලන මුහුණු ආවරණ පුළුස්සා දැමීම වන අතර මුහුණු ආවරණ පුළුස්සා දැමීමෙන් යම් ආකාරයකින් පරිසර දූෂණයක් විය හැකි නමුත් වෛරසය ව්‍යාප්තවීම එමගින් පාලනය වන බව ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40
Video thumbnail
මන්ත්‍රී කෙනෙක් පළාතටවත් ආවේ නෑ - ඡන්දවලට එනවා..ආපු ගංවතුරට අපේ ගෙවල් ගන්න දෙයක් නෑ
07:53