මුස්ලිම් මෘතදේහ ආදාහනයෙන් පසු භෂ්මාවශේෂ සුදුසු තැනකට බැහැර කරයි

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවූ කොවිඩ් – 19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතික මෘත දේහ ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවන භෂ්මාවශේෂ කසළ ලෙස බැහැර කෙරෙන ලෙසට සෞඛ්‍ය අංශයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතුව භෂ්මාවශේෂ යළි භාර ගැනීමට මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන්ගේ ඉදිරිපත් නොවීමය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය ප්‍රකාශ කළේ මුස්ලිම් ජාතිකයින් ආදාහනය කළ කිසිම ආදාහනාගාරයක භෂ්මාවශේෂ ලබා ගැනීමට ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් වී නොමැති බවයි.

මේ නිසා එසේ වෙනත් ස්ථානයකට බැහැර කෙරෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ මළ සිරුරු ආදාහනය කිරීමෙන් අනතුරුව එම භෂ්මාවශේෂ සුදුසු ස්ථානයකට බැහැර කරන ලෙසට සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.

ඉන්දික ශ්‍රී අරවින්ද

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් නිල ඇඳුමෙන් වීඩියෝස් කරපු නිලධාරියා හදිසියේම කළ සංවේදී කතාව...
02:21
Video thumbnail
සුන්දර ඇල්ල නගරය තවත් ලස්සන කළ කොල්ලෝ කෙල්ලෝ
02:28
Video thumbnail
හිටපු පොලිස්පතිට ආචාර කරමින් අවසන් ගෞරව දැක්වූ හිටපු මාධ්‍ය ප්‍රකාශක...
00:32
Video thumbnail
හැරගිය මිතුරා වෙනුවෙන් සංවේදී වුණු අර්ජුන රණතුංග..
00:29
Video thumbnail
හිටපු පොලිස්පතිට සමුදෙන්න ආ පොළොන්නරුව SSP සංවේදී වෙයි
01:11
Video thumbnail
අපේ ආණ්ඩුව ලෝකෙටම උදාහරණයක් - උතුම් විදිහට වැඩ කරන්නේ
13:57
Video thumbnail
නාමල් ජනාධිපති වෙන එක කාටත් නවත්වන්න බෑ
08:06
Video thumbnail
කෝච්චියේ ආපු විශේෂ අමුත්තන්ව දැක්ක මිනිස්සු පුදුම වෙයි
01:36
Video thumbnail
හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වන්න ඩඩ්ලි එයි
01:56
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සැන්ඩෝගේ තාත්තට දෙහිවල කනත්තේ දී වෙ# තියයි
01:19