මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී සාලි නලීම් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ දී අද (14) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී වුණා.