මුලු රටම යළි වසා දැමීම ගැන අද තීරණයක්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් වන තීරණය අද දිනයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිත අතර, එහි දී මෙම තීරණයට එළඹෙන බවයි.

එහි දී, දැනට වාර්තා වී ඇති ආසාදිතයින් සහ කොරෝනා මරණ පිළිබඳ අවධානය යොමුකර, නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද් ද යන තීරණයට එළඹෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

මේ අතර දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

රට වසා දමා කොරෝනා වසංගතය පාලනය කිරීමට නොහැකි බව දැන් ලෝකයේ සියලු රටවල් පිළි ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

මෙවර රට වසා දැමීමට සිදුවූයේ පාර්ශව ගණනාවක් ඉල්ලීම සලකා බලමින් බවද ඔහු සඳහන් කළේය.

රට වසා දමා ඉදිරියට යාමට අපහසු බව ලෝකයේ බොහෝ රටවල් අද වන විට ප්‍රකාශ කරමින් ඇති බවත් රට විවෘත කරගෙන කොරෝනා පාලනය කළ යුතු මට්ටමට ලෝකයට ලෝකය පැමිණ ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14