spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුලතිව් වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩගසයි

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළට අද (19) උදෑසන ගොඩගසා තිබූ පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ අදාළ මළ සිරුර හදුනාගැනීමට නොහැකිවන ලෙසට නරක් වී ඇති බවයි.

මෙම සිරුර සමඟ ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කෙරෙන ධීවර උපකරණ කිහිපයක් ද ගොඩගසා තිබෙනවා.

ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වීම හේතුවෙන් මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් මෙලෙස වෙරළට ගොඩගසන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.

අදාළ මළ සිරුර ඉන්දීය ධීවරයෙකුගේ විය හැකි බවට ද සැක කෙරෙනවා.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?