මුලතිව් වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩගසයි

මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළට අද (19) උදෑසන ගොඩගසා තිබූ පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

පොලිසිය පැවසූවේ අදාළ මළ සිරුර හදුනාගැනීමට නොහැකිවන ලෙසට නරක් වී ඇති බවයි.

මෙම සිරුර සමඟ ඉන්දියාවේ නිෂ්පාදිත බවට සැක කෙරෙන ධීවර උපකරණ කිහිපයක් ද ගොඩගසා තිබෙනවා.

ධීවර යාත්‍රාවක් අනතුරකට ලක්වීම හේතුවෙන් මියගිය ධීවරයෙකුගේ මළ සිරුරක් මෙලෙස වෙරළට ගොඩගසන්නට ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.

අදාළ මළ සිරුර ඉන්දීය ධීවරයෙකුගේ විය හැකි බවට ද සැක කෙරෙනවා.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14