මුලතිව් මුහුදේ පාවුණු අධිබලැති පුපුරණ ද්‍රව්‍ය

මුලතිව් මුහුදේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නාවික හමුදාව සහ මුලතිව් පොලිසිය එක් ව පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14කුත් ග්‍රෑම් 700ක් සොයාගත් බවයි.

ඊයේ (22) පස්වරුවේ මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන තොරතුරු ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ධීවරයින් පිරිසක් දැක ඒ බව පොලිසියට දන්වා තිබෙනවා.

මුලතිව් – තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබූ අදාළ පුපුරණද්‍රව්‍ය තොගය ටින් එකක බහා තිබියදියි සොයා ගැනුණේ.

ටින් එක තුළ එලෙස පුපුරණ ද්‍රව්‍ය බහාලු අය කවුරුන් දැයි මෙතෙක් හෙළි වී නැහැ.

කෙසේවෙතත් මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ගැන මුලතිව් අධිකරණයට දැනුම්දීමෙන් පසුව ඒවා පොලිස් විශේෂ කාර්‍යය බලකායේ සහාය ද ඇති ව නිෂ්ක්‍රීය කෙරුණා.