spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුලතිව් මුහුදේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි (ඡායරූප)

මුලතිව්, මාතලන් මුහුදු සීමාවේ දිය නෑමට ගිහින් අතුරුදහන්වු පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (29) සවස වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ, මුලතිව්, පුදුකුඩිඉරිප්පු,10 වන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි රාසදුරෙයි කස්තූරියන් නැමති පුද්ගලයෙකුගේ මළ සිරුර එලෙස වෙරළට ගොඩගසා තිබූ බවයි.

එම ප්‍රදේශයේ ධීවරයින් මිය ගිය පුද්ගලයා සහ තවත් පිරිසකට අදාළ මුහුදු සීමාවේ දිය නෑමට නොයන ලෙස දැනුම් දී තිබුණ ද එම අවවාද නොතකා දිය නෑමට ගිය මරණකරු පසු ගිය 28 වැනිදා සවස මෙලෙස අතුරුදන් වී තිබුණා.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ඊයේ (29) පස්වරුවේ සිදුකළ අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහල් මෘත ශරීරාගාරයට යොමුකර තිබෙනවා.

photo 1
photo 2
photo 3
photo 7
IMG 20240129 WA0076
IMG 20240129 WA0088
IMG 20240129 WA0091
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?