මුලතිව් මහේස්ත්‍රාත්ට එල්ල වූ බව කියන බලපෑම්වලට පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවක් (ඡායාරූප)

මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාට එල්ල වූ බව කියන තර්ජන සහ බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සහ ඊට සම්බන්ධ පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා උතුරු පළාතේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද (04) යාපනයේදී විරෝධතාවයක නිරත වී තිබෙනවා.

අධිකරණයේ ස්වාධීනත්වයට එල්ලවන බාධා වහාම නතර කරන ලෙසට ද විරෝධතාවයේ නිරත පිරිස් ඉල්ලීම් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා සන්ධානය, ප්ලොට් සංවිධානය, ටෙලෝ සංවිධානය, ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ, යාපනය සිවිල් සංවිධාන මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් විරෝධතාවයට එක්ව තිබෙනවා.

විරෝධතාවට එක්වූවන් එකිනෙකා අත්වැල් බැඳගෙන මානව දම්වැලක් ලෙසට කටයුතු කරමින් යාපනය මරදනාමඩම් සිට යාපනය දක්වා ගමන් ගනිමින් විරෝධතාවයේ නිරත වුණා.

මහේස්ත්‍රාත්වරයාට එල්ල වූ තර්ජන හා බලපෑම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට සහ අධිකරණ ස්වාධීනත්වයට බලපෑම් නොකර ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාත් නීතිඥවරුන් ද ඊයේ (03) මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අසල විරෝධතාවයක නිරත වී තිබුණා.

ඊට යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මන්නාරම හා මුලතිව් යන අධිකරණවල නීතිඥවරුන් සහ නීති සංගම් නියෝජිතයින් එක්ව සිටියා.

මුලතිව් කුරුදුමලෙයි විහාරය සම්බන්ධ ගැටළුව හා මුලතිව්, කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධ නඩුවිභාග රැසක් ටී. සරවනරාජා මහතා මුලතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ අවදියේ විභාගයට ගැණුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27