මුලතිව් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් – පුද්ගල මරණයකට සැකපිට යුද හමුදා සෙබළුන් තිදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් ඊයේ (08) එම ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා.

මුලතිව්, ජීවනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි එදිර්මන්නසිංහම් කපිල්රාජ් නැමැති අයෙකුගේ මළ සිරුරක් මුත්තයාන්කට්ටු වැවේ තිබිය දී ඊයේ (08) උදෑසන සොයාගැනීමත් සමඟ ප්‍රදේශවාසීන් අතර මෙම නොසන්සුන්තාවය හටගත් බවයි පොලිසිය පැවසුවේ.

එහිදී ප්‍රදේශවාසීන් චෝදනා කළේ එම පුද්ගලයාට යුද හමුදා සාමාජිකයින් විසින් පහරදී ඇති බවත්, අදාළ පහරදීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇති බවයි.

එලෙස මියගිය පුද්ගලයාගේ මළ සිරුර අනතුරුව වැවට ගෙනවිත් දමන්නට ඇති බවයි ඔවුන් චෝදනා කර සිටියේ.

සිද්ධිය වූ ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු පිරිසක් පැමිණ සිටි අතර, ප්‍රදේශවාසීන් එහිදී පැවසුවේ මුත්තයාන්කට්ටු යුද හමුදා කඳවුරේ ගලවා ඉවත් කිරීමට නියමිත තහඩු ලබාදීමට ප්‍රදේශයේ පිරිසකට කඳවුරට පැමිණෙන ලෙසට දන්වා ඇති බවයි.

ඒ, අනුව පුද්ගලයින් පස්දෙනෙක් පසුගිය 07 වනදා රාත්‍රියේ කඳවුරට ගොස් ඇති අතර, එහිදි අදාළ පුද්ගලයින්ට යුද හමුදා නිලධාරීන් පිරිසක් පහර දී ඇති බවයි.

එහිදි පුද්ගලයින් හතරදෙනෙකු නැවත ගම්මානය වෙත පැමිණ ඇති බවත්, එක් අයෙකු අතුරුදහන්ව සිටි බවට ප්‍රදේශවාසීන් සඳහන් කළා.

එලෙස අතුරුදහන් වූ පුද්ගලයා සොයා ප්‍රදේශවාසීන් 08 වනදා දිනය තුළ පරීක්ෂා කිරීම් සිදුකළ ද ඔහුව සොයාගැනීම හැකිව නැහැ.

ඒ, අනුව එම පුද්ගලයාගේ මළ සිරුර ඊයේ (09) උදෑසන වැවේ පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා.

මළ සිරුර තිබූ ස්ථානයට මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා පැමිණ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වු අතර, අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘දසත නිවුස්’ ශ්‍රී ලංකා යුද හමුදාවෙන් විමසීමක් කළා.

එහිදී ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ පසුගිය 07 වනදා රාත්‍රියේ කාලයේ කිසියම් පිරිසක් මුත්තයාන්කට්ටු කඳවුරු භූමිය වෙත රහසිගතව ඇතුළු වී ඇති බවයි.

එලෙස පිරිසක් කඳවුරු භූමිය වෙත ඇතුළු වූ බවට එහි හමුදා සෙබළුන්ට නිරීක්ෂණය වී ඇති අතර, අනතතුරුව එලෙස අනවසරයෙන් ඇතුළු වූ පිරිස සොයා කඳවුරු භූමියේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාවේ එලෙස අනවසරයෙන් ඇතුළු පුද්ගලයින් පළාගොස් ඇති ඇති අතර, එහිදී එක් අයෙකු අල්ලා ගැනීමට හමුදා සෙබළුන්ට හැකියාව ලැබී ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එලෙස අල්ලාගත් තරුණයාට මීට පෙර ද හමුදා කඳවුරු භූමියකට අනවසර ඇතුළුවීමක් සම්බන්ධයෙන් ඔඩ්ඩුසුඩාන් අධිකරණයේ නඩුවක් ද පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඔහුව ඔහුගේ මව්පියන් හමුදා කඳවුර වෙත කැඳවා යළි භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ වැවේ මියගොස් සිටි පුද්ගලයා මෙලෙස අනවසරයෙන් කඳවුරු භුමියට ඇතුළු වූ පුද්ගලයින් පිරිස අතර සිටි අයෙක් බවට නිශ්චිතව හඳුනාගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් අනවසර ඇතුළුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇති අතර, එම පැමිණිල්ල මත සිදුකරන විමර්ශනවලට අදාළව හමුදා කඳවුරේ සාමාජිකයින් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු යුද හමුදා සෙබළුන් තිදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

  1. ශ්‍රී ලංකා යුද හමුදාව මේ ප්‍රදේශවල ජනතාව ගේ අසරණ භාවය හොදින් අවබෝධ කර එම ජනතාව සමග ඉතාම සහයෝගීතාව සහිතව කටයුතු කර ගෙන යාම නොරිස්සන බෞද්ධ ඇෆ්ගනිස්තානය කීරීමේ ඉරාන පලස්තීන isis අන්තවාදී ත්‍රස්තවාදී ගේ කුමන්ත්‍රණයේ දිගුවකි. 30 අවුරැදු යුද්ධයේ ද වුයේ මෙයමය. අණාවරණය ට සිංහල හා දමිල ජනතාව එලිපිටම සංහාරය කල isis පාස්කු බෝම්බයේ සත්‍ය එලිදැක්වීම රජයේ වගකීමය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40