මුම්බායි නුවර දුම්රිය ස්ථානයක තෙරපීමක් – මගීන් පිරිසක් රෝහලට

ඉන්දියාවේ මුම්බායි හි බන්ද්‍රා දුම්රිය ස්ථානයේ සිදු වූ දරුණු තෙරපීමකින් පුද්ගලයින් නවදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

එලෙස තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

බන්ද්‍රා සිට ගොරක්පූර් බලා ගමන් ගන්නා සීඝ්‍රගාමී දුම්රියට ගොඩවීමට ගිය අවස්ථාවේ දී අද (27) අලුයම මෙම තෙරපීම සිදුව තිබෙනවා.

දුම්රිය වේදිකා අංක එකේ සිදු මෙම තෙරපීමෙන් තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

බන්ද්‍රා සිට ගොරක්පූර් බලා ගමන්ගන්නා මෙම දුම්රිය ප්‍රමාද වී දුම්රිය වේදිකාවට පැමිණ ඇති අතර, දුම්රිය වේදිකාවට රැස්ව සිටි මගීන් ඊට ගොඩවීමට උත්සාහ කිරීමේ දී මම තෙරපීම ඇතිව තිබෙනවා.

එළඹෙන දීපවාලි සහ ඡාත් උත්සව හේතුවෙන් තම ගම්බිම් බලා යාම සඳහා විශාල පිරිසක් දුම්රිය ස්ථානයට රැස්වීම මෙම අනතුරට හේතු වී ඇති බවයි වාර්තා වුණේ.