මුම්බායි නගරයේත් වායු දූෂණය නරක අතට

ඉන්දියාවේ ප්‍රධානතම වානිජ්‍ය නගරය වන මුම්බායි නගරයේ ද වායු දූෂණය නරක අතට හැරී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම රජයේ කණ්ඩායමක් මුම්බායි නගරයේ වාතයේ ගුණාත්මකභාවය සහ එය වැඩිදියුණු කිරීමට මහාරාෂ්ට්‍ර රජය දරන ප්‍රයත්නයන් පිළිබඳව විමර්ශනය සඳහා ළඟදීම එහි සංචාරය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙවැනි වායු දූෂණයකට නිරාවරණය වීමෙන් ස්වසන ආසාදන, හෘද රෝග, පිළිකා ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින් මෙය නගරවාසීන්ගේ සෞඛ්‍යයට අවදානම් තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මෙම තත්ත්වයත් සමඟ වායු දූෂණය පාලනය වෙනුවෙන් නගර බලධාරීන් විසින් මාර්ග තදබදය ඇති ස්ථානවල අතථ්‍ය චිමිනි පිහිටුවීම, විශේෂ වීදි ලාම්පු සවි කිරීම සහ තෝරාගත් උද්‍යානවල වාතය පිරිසිදු කිරීමේ පද්ධති තැබීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අතර ඉන්දියාවේ අගනුවරවන නව දිල්ලි නුවර ද වායු දූෂණය මේ දිනවල ඉහළ මට්ටමක පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14