spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුද්‍රණය කළ තැපැල් ඡන්ද පත්‍රිකාවලට මොකද කළේ ?

මුද්‍රණය කෙරුණු තැපැල් ඡන්ද පත්‍රිකා ඉදිරියේ දී ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් රහස්‍ය ලේඛන ගබඩාවේ තැන්පත් කළ බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී ලියනගේ සඳහන් කරනවා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිස්ත්‍රික්ක 22ට අදාළව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් පළාත් පාලන මැතිවරණයට අදාළව, මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි වෙනුවෙන් වැය වී ඇති බවයි මුද්‍රණාලාධිපතිනිය සඳහන් කර සිටියේ.

මැතිවරණ කටයුතු සඳහා මුදල් ලබා නොදෙන බවට මහා භාණ්ඩාගාරය ප්‍රකාශ කිරීම සමඟ මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා ඇතුළු ලියකියවිලි මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය විසින් මේ වනවිට තාවකාලිකව නවතා දමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?