spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අටදෙනා අද අධිකරණයට – පොලිසියේ දෙකක් රෝහලේ

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය අතරතුර දී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

එලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙම උද්ඝෝෂණය අතරතුර අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් අටදෙනකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර, හිමිනමක් ද සිටින බවයි වාර්තා වුණේ.

ඔවුන් රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, එම පිරිස අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?